Dew Invoices: විකුණුම්, තොග සහ ලාභය කළමනාකරණය කරන ස්මාර්ට් සහායකයා. පෑනෙන් කොළයෙන් කරන පැරණි ක්‍රමයට සමුදී, ඔබේ මුළු ව්‍යාපාරයම දැන් ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් පාලනය කිරීමට ඇති හොදම විසදුම.
ඉතාම සරල සහ වෘත්තීය මට්ටමේ (Professional) අතුරුමුහුණත නිසා ඕනෑම අයෙකුට කිසිදු පුහුණුවකින් තොරව ඉතාම පහසුවෙන් මෙය හැසිරවිය හැකියි.
Firebase තාක්ෂණය භාවිතා කරමින් දත්ත එසැණින් Cloud එක සමඟ සම්බන්ධ වන නිසා, දුරකථනයට හානියක් වුවත් ඔබේ ව්‍යාපාරික දත්ත කිසිදා නැති නොවේ. 'Backup Ready' පණිවිඩය මඟින් දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳව නිරන්තරයෙන් පරිශීලකයා විශ්වාසදායක කරයි.ඔබගේ දත්ත Background එකේම Upload වෙන නිසා ඔබගේ වැඩ කටයුතු වලට බාදා වෙන්නේ නෑ.
ඉතාමත් සැහැල්ලු (Lightweight) මෘදුකාංගයක් ලෙස නිර්මාණය කර ඇති බැවින්, සාමාන්‍ය මට්ටමේ Android දුරකථනයක වුවත් කිසිදු ප්‍රමාදයකින් (Lagging) තොරව ඉතා වේගයෙන් ක්‍රියා කරයි. මෙය ක්ෂේත්‍රයේ වැඩ කරන රෙප් මහතුන්ට විශාල පහසුවකි.
Create කරන බිල් එක තත්පරෙන් ඕනම තැනක ඉදන් Bluetooth Portable Printer එකෙන් Print කරගන්න. බ්ලූටූත් ප්‍රින්ටර් හරහා තත්පර කිහිපයකින් නිවැරදි ඉන්වොයිස් එකක් පාරිභෝගිකයාට ලබා දෙන්න.
හිඟ මුදල් පිළිබඳ සියලුම දත්ත එසැණින් පරීක්ෂා කර, ඔබේ මුදල් ප්‍රවාහය (Cash Flow) නිවැරදිව පවත්වා ගන්න.
ඔබ සතුව ඇති භාණ්ඩ ප්‍රමාණය(Stock) මෙන්ම හානි වූ භාණ්ඩ පිළිබඳව ඕනෑම මොහොතක සජීවීව දැනගන්න.
දෛනික ලාභය, වියදම සහ වෙළඳපොළ ව්‍යාප්තිය (SKU Spread) පිළිබඳ සවිස්තරාත්මක වාර්තා තනි ක්ලික් කිරීමකින් ලබා ගන්න.
ඇප් එක මඟින් නිකුත් කරන සෑම ඉන්වොයිස් එකක්ම (Invoice) සාදන ලද නිවැරදි GPS ස්ථානය (Location) Google Maps හරහා ඕනෑම වෙලාවක පහසුවෙන්ම පරීක්ෂා කළ හැක.
දවස අවසානයේ එකතු වූ මුළු මුදල් ප්‍රමාණය (Collection Cash) නිවැරදිව සටහන් කර තබා ගනිමින් ඕනෑම මොහොතක පෙර වාර්තා නැවත පරීක්ෂා කිරීමේ පහසුව.
මුරපද (Passwords) මඟින් දත්ත ආරක්ෂා කරගන්නා අතරම, ඕනෑම ගැටලුවකදී 24/7 අපගේ සහාය ඔබට හිමිවේ. වඩාත් කාර්යක්ෂම, නිවැරදි සහ විනිවිද පෙනෙන ව්‍යාපාරික සංස්කෘතියකට අදම Dew Invoices සමඟ එක්වන්න!
බිල්පත් සහ වාර්තාවල ඉහළට (Header) සහ පහළට (Footer) වැටිය යුතු ඔබේ ආයතනයේ නම, ලිපිනය, දුරකථන අංකය සහ VAT අංකය වැනි සියලුම තොරතුරු මෙහිදී ඇතුළත් කළ හැකිය.
ඔබේ ව්‍යාපාරයේ රහස්‍ය දත්ත (Profit & Loss Report) සහ වැදගත් වෙනස්කම් (Items/Customers Edit) වෙනත් අයෙකුට පරීක්ෂා කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි වන පරිදි, ඔබට අවශ්‍ය අංශවලට පමණක් මුරපද (Passwords) යෙදීමේ සුවිශේෂී හැකියාව මෙහි ඇත.
බ්ලූටූත් ප්‍රින්ටරය එක් වරක් පමණක් සැකසූ (Setup) පසු, අවශ්‍ය සෑම අවස්ථාවකදීම එය ස්වයංක්‍රීයව සම්බන්ධ (Auto-connect) වේ.
පාරිභෝගිකයෙකු ඔබේ ආයතනයේ විස්තර ඉල්ලා සිටි සැණින්, "Print Contact Info" බොත්තම හරහා ඔබේ සියලු විස්තර ඇතුළත් කුඩා බිල්පතක් මුද්‍රණය කර ලබා දිය හැකිය.
ඔබගේ දත්ත සැමවිටම සුරක්ෂිතව තබා ගැනීමට Cloud Backup පහසුකම සහ ඇප් එකේ නවතම යාවත්කාලීනයන් පරීක්ෂා කිරීමේ පහසුකම ද මෙහි අඩංගු වේ.
ඔබගේ පලවෙනි දින 30 සම්පූර්ණයෙන්ම නොමිලේ..!
ඔබට Distributor Agency එකකට වැඩිය තිබේනම් පහත දක්වා ඇති ආකාරයේ අමතර මුදලක් ගෙවීමෙන් Agent Dashboard එකට Access හිමි වන අතර එහිදී ඔබට අසීමිත ලෙස Rep Accounts කිසිම සැඟවුනු ගාස්තුවක් නොමැතිව සකස් කර භාවිතා කළ හැක.